බලයට පැමිණීම සඳහා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පාවිච්චි කිරීම හෙළා දකින බව කතෝලික සභාව පවසනවා.
ඒ අනුව පාස්කු ප්‍රහාරයට අදාල පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය රැවටීමක් බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළා.
"එදා වගේම අදත් බලයට පැමිණීම සඳහා පාස්කු ප්‍රහාරය පාවිච්චි කිරීමේ උත්සාහයක් අපි හෙළාදකිනවා. රනිල් වික්‍රමසිංහ මහතාට ඒ කාලේම ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් ගෙන්වාගෙන ස්වාධීන පරීක්ෂණයක් කරන්න තිබුණා. මේක රැවටීමක්."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.