සමාජ මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය වද්දමින් මහජන මතය වෙනස් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 12 දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය භාවිත නොකරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලකරමින් බල කරමින් ඔවුන්ගේ වරප්‍රසාද කඩ වන ආකාරයට සහ මහජන මතය වෙනස් කිරීමේ අරමුණින් පළ කර ඇති ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ සිදුකරයි.
ඒ අනුව එම පුද්ගලයින් සම්බන්ධයෙන් අදාළ සමාගම්වලින් විස්තර ඉල්ලා ඇති අතර එවැනි සටහන් හතළිහක් ඉවත් කරන ලෙස ෆේස්බුක් ආයතනයට දැනුම් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.