අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තම පාර්ශවයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බවත් එහෙත් කවරකු හෝ මෙය ජයග්‍රහණය කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
ගාලු මුවදොර අරගලය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ අරගලය නවතා එම තරුණයින් එළියට ගොස් වැඩ වැඩ කළ යුතු බව තමා විශ්වාස කරන බවයි.
"අපි ඉදිරිපත් කළා ඩලස් ව. අපි ඡන්දය දුන්නා. පැරදුනා ඉතින්. කවුරු හරි දිනන්න එපැයි."
"ඡන්ද වැඩියෙන් හම්බුණා.. එයා ජනාධිපති වුණා. ඒක තමයි වුණේ. ඉදිරියේදී මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. කොයි ආණ්ඩුව වුණත් රටේ ජනතාවට වැඩකරන්න ඕනේ."
"එක එක මත තිබෙනවා නේ. කට්ටියක් කියන්නේ මේක නෙමෙයි ජනමතය කියලා. අපි කියන්නේ මේක තමයි ජනමතය කියලා."
"දැන් ඉතින් අරගලය කරා ඇති කියලයි මං හිතන්නේ. ගාලු මුවදොර අරගලය කරන තරුණයින් දැන් තේරුම් ගන්න ඕනේ. එළියට ගිහිල්ලා වැඩ කරන්න."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.