ඡන්ද විමසීමේදී ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමා පෙර සිටම දැනගෙන සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු ඡන්දයෙන් නව ජනාධිපතිවරයා තේරී පත් වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ,
"මම ප්‍රථමයෙන් සුබපතනවා අභිනව ජනාධිපතිතුමාට. අපිට යම් ශක්තිමත් ප්‍රතිවිරුද්ධ කඳවුරක් නිර්මාණය වී තිබෙනවා."
"මෙම ඡන්ද ප්‍රතිඵලය තුළින් පෙන්වන දේ මං භාර ගන්න ලෑස්තියි."
"මේක තමයි දේශපාලනය. මේ කඳවුරු දෙක අතර ඡන්දයක් පැවතුනා. මා අපිට අනන්‍ය ලෙස තරග වැදුනා. මේ තමයි අද අපේ රටේ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කරමින් තිබෙන සංයුතියේ ස්වභාවය."
"ඒ සංයුතිය නෙමෙයි අද මහ පොළවේ සංයුතිය. ජනතාව තුළ තිබෙන කැමැත්තේ විකෘති වූ පිළිඹිඹුවක් තමයි මේ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කළේ."
"එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා."
"රට විශාල ව්‍යසනයකට පත්වී තිබෙනවා. තරුණ පරම්පරාව තමන්ගේ අනාගතය පිළිබඳ විශාල අපේක්ෂා භංගත්වයකට පත්වී තිබෙනවා."
"මා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනකොටම මා දන්නවා මෙය තමයි මා හට හිමිවෙන ප්‍රතිඵලය කියා."
"අශිෂ්ට මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබෙනවා."
"නව ජනවරමකට අවස්ථාවක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.