අරගල කරන තරුණ පිරිස්වල අදහස්වලට ඇහුම්කන් දිය යුතු බව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (20) පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මෙම අදහස් පළ කළා.
මේ අතර ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිටින එකම මන්ත්‍රීවරයා තමා පමණක් වන නිසා අගමැතිවරයෙක් තෝරා ගැනීම තමාට කළ නොහැකි බවයි.
"මගේ බලාපොරොත්තුව, මේ රටේ තියෙන විවිධ පක්ෂ, පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන ඒවා එක්ක සහයෝගයෙන් වැඩකටයුතු කරන්න. රටේ ජනතාව අපෙන් අහන්නේ මේ කාලේ මේ කාලේ ගිහින් ඇයි අපිට එකට වැඩකරලා රට දියුණු කරන්න බැරි කියලා. අපි විරුද්ධවාදී දේශපාලනයේ යෙදෙන්නේ අන්තිමට රට නැති කරන්න ද? මේ ප්‍රශ්නය තරුණ අය අහනවා. ඒක වැදගත් ප්‍රශ්නයක්, මමත් ඒ ගැන හිතලා බලලා තියෙනවා. එහෙනම් අපි මේ ක්‍රමය වෙනස් කරලා ඒ තරුණ අදහස් අනික් අදහස්වලට ඇහුම්කන් දෙන්න ඕන."
"අරගලය කිව්වේ ඇත්ත වශයෙන්ම අද තියෙන ක්‍රමවේදයට විරුද්ධව ගෙනයන අරගලයක්. මේක හැම අංශයෙන්ම වෙනස් කරන්න කියලා. ඒ නිසා සාමකාමී අදහස් දරණ අයට ඒ අදහස්වලට ප්‍රචාරය කරන්න අපි ඉඩදෙන්න ඕන, ඒවගේම අපිටත් පුළුවන් ඒවාට පිළිතුරු දෙන්න. නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. ඒ නිශ්ශබ්ද වෙලා ඉන්න අයගේ අදහසුත් අපි පිළිඅරගෙන ක්‍රියා කරන්න ඕන. ඒත් මේක මුවාවෙන් අරගලය කියන්නේ. ආණ්ඩුවක් පෙරළන්න, ගෙවල් ගිනිතියන්න, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අරගෙන යනවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ඒක නීතියට විරුද්ධයි. එහම නීතියට විරුද්ධ අයට විරුද්ධව අපි ක්‍රියා කරනවා. අරගලය කියලා තරුණයන්ට අනාගතයක් හදන්න ඕන නම්. මම ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. මම සාමකාමී අයට දැම්මම කරලා තියෙනවා, අද සාමකාමී අය යටකරලා තියෙනවා. සාමකාමී අයට අදහස් ප්‍රකාශ කරන්න තව වේදිකාවක් හරි මම හදලා දෙන්නම්. ව්‍යස්ථාව අනුව අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් සහයෝගය තියෙන එක්කෙනෙක්, මගෙ පක්ෂයේ ඉන්නේ මම විතරයි, ඉතින් මට තෝරන්න බෑ."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.