උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් වාර්තාවීමත් සමගම උතුරු ජපානයේ ජනතාවට ආරක්‍ෂිත ස්ථානවලට යන ලෙස බලධාරීන් දැනුම් දී ඇති අතර දුම්රිය සේවාවන්ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.
ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කිරීමට උතුරු කොරියාව කටයුතු කර ඇත්තේ වසර 5කට පසුව බවයි වාර්තා වන්නේ.
ජපානයට ඉහළින් ගමන්කළ එම මිසයිලය පැසිෆික් සාගරයට වැටී තිබුණු අතර එහි දුර කිලෝ මීටර් 4,600ක් පමණ බව සඳහන්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




