ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් "ආහාර ප්‍රතිපත්ති කමිටුව" පිහිටුවීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සැපයුම මිල ගණන් සහ අලෙවිකරණය පිළිබඳ කෙටිකාලීන ගැටලු මෙන්ම සැපයුම්දාම, මෙහෙයුම්දාම මෙහෙයුම් සම්බන්ධයෙන් නිෂ්පාදකයින්, වෙළෙඳුන් හා පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීම හා දිගුකාලීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම එම කමිටුවට පැවරී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





