මෙරටට සේන්දු වූ ඩීසල් සහ බොරතෙල් නෞකා 2 කට මේ වනතුරු මුදල් ගෙවා නැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ, එක් නෞකාවක ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ තවත් නෞකාවක බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අඩංගු බවයි.
මීට අමතරව ප්‍රෙටල් මෙට්‍රික් ටොන් 37,000 ක් රැගෙන පැමිණ නොකාවේ තොග ගොඩබෑම ඊයේ (03) අවසන් කර තිබෙනවා.
එමෙන්ම ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 11,000ක් රැගත් නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




