ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවකින් තොරව සිදුකරන බව විදුලිබල හා බලශක්ති ආමත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
නොමඟ යවනසුළු ප්‍රකාශ මගින් කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දැනට ඇණවුම් කර ඇති තොග පමණක් අද (04) දිනයේ බෙදා හරින බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
අද (04) උදෑසන 8.00 සිට දිවයින පුරා ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ බෙදුම්කරුවන් වෙත ලබාදුන් වට්ටම් මුදලින් 45% ක ප්‍රමාණයක් නැවත අය කර ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමට විරෝධය පළ කරමින්.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ, ඛනිජ තෙල් සංස්ථාව ආරම්භ වූ දා පටන් බෙදුම්කරුවන්ට 2.5%ක මාසික පරිහරණ ගාස්තුවක් ගෙවන බවයි.
එහෙත් මාසිකව ගෙවූ වට්ටම් මුදලින් 45%ක මාසික පරිහරණ ගාස්තුවක් ඊයේ සිට නැවත අය කර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.
ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව ඔහු සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




