දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර උසස් පෙළ විභාගය නියමිත දිනට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
විභාග කල් දමන ලෙස ඉතිහාසයේ කෙදිනකවත් ශිෂ්‍යයින් හා දේශපාලඥයින් ඉල්ලීම් නොකළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයෙන් ආරම්භ වන නව පාසල් වර්ෂය දෙසැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




