හික්කඩුව ප්‍රධාන පෙළේ ජාතික පාසලක භූමිය තුළ සිදුකළ වැටලීමකින් හොරොයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.
සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 8 මිලි ග්‍රෑම් 229 පොලිසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කාලයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර හොරයින් මත්කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට, ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්යය බලකා රත්ගම කඳවුරේ නිලධාරින් විසින් වැටලීම සිදුකර තිබුණා.
වයස අවුරුදු 22ක් වන අත්අඩංගුවට ගත් සැකකාරිය හික්කඩුව කළුපේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලීසිය වෙත භාර දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




