උසස් පෙළ විභාගය කල් දැමීමට රජය පියවර නොගත්තොත් පිවිතුරු හෙළ උරුමය ඊට එරෙහිව අධිකරණය ඉදිරියට යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
විභාගය කල් දැමීම කළ යුතු නැතැයි පවසන ඕනෑ ම අයෙකු සමග තමන් විවාදයකට සූදානම් බවත්, ඕනෑ ම නාලිකාවක ප්‍රසිද්ධියේ විවාදයකට සූදානම් බවත් ඔහු සඳහන් කළා.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී.
දෙවන තෙවන වතාවට විභාගයට මුහුණ දෙන දරුවන්ගේ තත්ත්වය වඩාත් ශෝචනීය බවත් ගුරුවරුන් හා සිසුන් විෂය නිර්දේශ ආවරණය කරගත නොහැකිව සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
මන්ත්‍රීවරයාද වැඩිදුරටත් සඳහන් කළේ 2021 වසරේ විභාගය අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට දින 202ක් ගත්තත් විභාගයට සූදානම් වීමට ලබාදී ඇත්තේ දින 98ක් පමණක් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




