දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන්නන් විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ගාස්තු සංශෝධනයක් සිදුකර තිබෙනවා.
2022 අංක 25 දරණ SSCL පනත මගින් හඳුන්වා දී ඇති 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද(SSC Levy) හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කෙරෙන බව එම ආයතන සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා.
ඒ අනුව අද සිට විදුලි සංදේශ සහ Pay TV සේවා සඳහා අදාළ ගාස්තු සංශෝධනය සිදු කරනු ඇත.
නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




