පොලීසිය නොමඟ යවමින් ලැබෙන පැමිණිලි විභාග කළ බවට ව්‍යාජ සටහන් සහ පැමිණිලිකරුවන්ගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
පානදුර කොට්ඨාසයේ වැඩබලන නිලධාරී සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පවසන්නේ, උසස් නිලධාරීන් නොමඟ යවමින් රාජකාරිය පැහැර හැර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණයවීමෙන් පසු එම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බවයි.
මෙලෙස වැඩ තහනම් කරනු ඇත්තේ පානදුර උතුර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරියේ නියුතුව සිටි කොස්තාපල්වරයෙකුගේ බවයි වාර්තා වන්නේ.
මීට මාස 03කට පමණ ඉහතදී පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලී මෝල්හිමියකු විසින් බැන තර්ජනය කළ බව පවසමින් එම ප්‍රදේශයේම පුද්ගලයෙක් පානදුර උතුර පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර පැමිණිලිකරු විසින් ඊට මෙතෙක් සාධාරණයක් නොවූ බවට පවසමින් පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමේදී මෙම කොස්තාපල්වරයා පිළිබඳව අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා විසින් පැමිණිල්ලට අදාළ ලියන ලද ලිපි ලේඛන පානදුර උතුර පොලීසියෙන් ගෙන්වා ගෙන පරීක්ෂා කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ පැමිණිලිකරු විසින් පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා බවට කොස්තාපල්වරයා විසින් ව්‍යාජ සටහන් දමා අත්සන් කර ඇති අතර පසුව ඔහුගේ අත්සන තබා ඇති බවයි.
කොස්තාපල්වරයාගේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු ඒ ආකාරයෙන් තවත් පැමිණිලි 04ක් සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවට ද හෙළිවී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




