මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ අද (06) උදෑසන 7.00ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ටී 56 ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් පියා සහ පුතුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසනවා.
මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි වැදීමට ලක්වූ පියා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




