ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු පියවර සාර්ථක වී ඇති අතර දෙවන අදියර පිළිඳ සාකච්ඡා කරමින් සිටින බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා ජපාන සහයෝගීතා ආයතනය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව සහයෝගය ලබාදෙන බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානය එකඟත්වය පළ කිරීම සුබ ලකුණක් බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන් අතර පසුගිය කාලයේ සිදුව තිබු ඇතැම් ක්‍රියා හේතුවෙන් ජපනය සමග මිත්‍රත්වය පළුදු වී තිබුණු බව ද පැවසුවා.
මේ අතර සිංගප්පූරුව සමග අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාවට නංවීමට හැකියාව ලැබී නොමැති අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් එයින් රටට ලැබෙන වාසිය අති විශාල බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම අග්නිදිග ආසියාව සමග ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කිරීමට ද මෙම ගිවිසුම හේතුවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
එමෙන්ම මේ වනවිට චීනය සමග මුලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, අතීතයේ සිටම චීනය අපේ රටට සහාය ලබාදුන් බව ද කියා සිටියා.
එමෙන්ම ඉන්දීයාව සමග ද සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, ඉන්දියාවේ සහයෝගය නිරන්තරයෙන් අපේ රටට ලැබෙනු ඇති බවත් ජනාධිපතිවරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ණය දෙන රටවල් සමග හැකි ඉක්මනින් ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




