මහජන අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම්වලට අවශ්‍ය නම් පාපොච්චාරණය කර රටෙි ඉදිරි ගමනට එක්වීමට අවස්ථාව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා දායකවීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව" වැඩසටහනේ තරුණ, තරුණියන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




