නිදහසින් පසු වඩාත්ම අභියෝගාත්මක අයවැය වන 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (31) ප්‍රකාශ කළා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආර්ථික ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාව මත පැටවෙන බර අඩු කරන අයවැයක් සකස් කිරීමට රජය සහ ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇති බවයි.
දැනට පවතින 8.5%ට සාපේක්ෂව රාජ්‍ය ආදායම 13% දක්වා වර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම රජයේ ආදායම 65% කින් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත්, එයින් 90%ක් බදු මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





