අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතබා ඇති බව වාර්තා වනවා.
එම ප්‍රදේශයේ අලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයේ රැස්ව සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අනතුරුව එම පිරිස පොලිස් නිලධාරීන් වෙත ගල් මුඟුරු රැගෙන පහරදීමට පැමිණ ඇති බවත්
පිරිස පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබූ බවත් කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා.
එහිදී පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




