මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිට ඒ සඳහා ආධාර අනුබල දුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (05) නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති වීම හේතුවෙන් සැකකාරියට ඇප ලබා නොදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




