කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) උදෑසන හදිසියේ බිඳ වැටී තිබෙනවා.
මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ඊයේ (08) දිනයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපොළ පිහිටි පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය බිඳවැටීමකට ලක්ව තිබුණා.
මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලීසිය පවා කැඳවීමට ද පියවර ගෙන තිබෙනවා .
කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් ක්‍රියාකරමින් සිටියි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




