ඕස්ට්‍රේලියාවේ රක්‍ෂිත බන්ධනාගාරතව සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ඉදිරි තීරණ ගැනීමට සහ තොරතුරු විමසීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල කාර්යාලයේදී ඊයේ (8) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්, කළමනාකරු මහින්ද හලංගොඩ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




