එන්.ජී.ඕ. වලට අවශ්‍ය පරිදි කටයුතු කරන වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අනුව ගුරුවරියන්ගේ හෝ පාසල් ළමයින්ගේ නිල ඇඳුම වෙනස් නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
පාසල් ගුරුවරුන් යනු රජයේ වෙනත් රැකියා කරන අයට වඩා වෙනස් වෘත්තියක් බව කී විමල් වීරවංශ මහතා ළමයින් අනුකරණය කරන්නේ සහ ආදර්ශයට ගන්නේ ගුරුවරයා හෝ ගුරුවරිය බැවින් ගුරුවරුන්ගේ බාහිර පෙනුම රජයේ වෙනත් රැකියා කරන අයගේ බාහිර පෙනුමට ද බලපාන බව පෙන්වා දෙනවා.
“ගුරුවරයාගේ හෝ ගුරුවරියගේ බාහිර පෙනුම රජයේ වෙනත් කාර්යාලයක කටයුතු කරන කෙනෙකුගේ බාහිර පෙනුමටත් වඩා සංවේදීව බලපානවා. හයිටිය නමැති රාජ්‍ය බිඳවැට්ටවීමේ උපාය මාර්ගික සැලැස්මේ එක් පියවරක් වුණේ පාසල් නිල ඇඳුම නැති කිරීම. ඒ විදිහට තමයි රටක සමාජීය විදිහට විනාශයට මග පාදන්නේ. එන්.ජී.ඕ. කාර වෘත්තීය සමිති බත් බැළයෝ ඔවුන්ගේ හාම්පුතාලගෙන් හම්බවෙන න්‍යාය පත්‍රයට අනුව මේ රටේ මුල්වලට ගහන්නේ. එන්.ජී.ඕ. කාර බත්බැළයෝ එක එක කාලයට එක එක යෝජනා ගේනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




