නේපාල දේශසීමාවේ හිමාල කඳුවැටියට ආසන්න ප්‍රදේශයේ අද (09) අලුයම මැග්නිටියුඩ් ඒකක 6 . 3ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ, භූ කම්පනයේ අපිකේන්ද්‍රය නේපාලයට මායිම්ව කිලෝමීටර් 90ක් දුරන් පිහිටා ඇති බවයි.
භූ කම්පනයේ ප්‍රබලත්වය නේපාලයට, දිල්ලියට සහ ලක්නව් ආශ්‍රිත ප්‍රදේශයන්ට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූ කම්පනයෙන් පසු උතුරු ඉන්දියාව පුරා ප්‍රබල පසු කම්පන ද ඇති වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළ නමුත් මෙම කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා කර නැහැ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




