කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවකට අදාළව සැකපිට 39 හැවිරිදි වියේ පසුවන කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ පදිංචි ඇයගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව සහ අයගේ එකම පුතු කොහුවල වුඩ්ලන්ඩ් මාවත ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ පදිංචිව සිට ඇත.
සැකකාර පුත්‍රයාගේ අමානුෂික ප්‍රහාරයෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 78හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.
පසුගිය 4 වනදා සැකකරු සහ ඔහුගේ බිරිඳ විසින් මියගොස් ඇති කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇය පඩිපෙලකින් ඇදවැටුණු බව පවසමින්.
එහිදී සැකකරු පවසා ඇත්තේ තමන් නිවසින් පිටතට ගොස් පැමිණි අවස්ථාවේ සිය බිරිඳ විසින් මව පියගැටපෙළෙන් ඇදවැටුණු බව දැනුම්දුන් බවයි.
කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගොස් ඇති කාන්තාවගේ ගෙළ ප්‍රදේශයේ ඇඟිලි සළකුණු තිබීම හේතුවෙන් මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙසට හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් දහනායක මහතාගේ නියෝග මත කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ජනිත දයානන්ද මහතා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී මෙම කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.
එහිදී මියගිය කාන්තාවගේ පපුවේ ඉල ඇට 17 ක් හා ගෙළ සිරකර හුස්ම හිර කිරීමේදී ගෙල කැඩී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සිදුකරනු ලැබූ මූලික විමර්ශනවලදී සැකකාර පුතු විසින් එම කාන්තාව ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
සැකකාර ව්‍යාපාරික පුත්‍රයා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොහුවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




