2023 වසරේ දී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඊයේ (15) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ වනජීවී හා වන සංරක්ෂණය පිලිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් වන අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටි බවයි.
මේ අතර අවසන්වරට මෙරට වනඅලි සංගණනයක් පවත්වා තිබෙන්නේ 2011 වර්ෂයේ දීයි.
එම වකවානුව තුළ 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
දැනට පවතින නිල නොවන දත්ත අනුව වන අලි ගහණය 7000කට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.