තමන්ගෙ සංචිත බින්දුව වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ නියෝජිතයන් ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (16) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
අයවැය ලේඛනයේ ඇති සංඛ්‍යා ලේඛනවලින් උද්දාමයට පත්වී කටයුතු කළහොත් අප මහා මුලාවකට ඇද වැටෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද සමාජ පද්ධතිය පිපිරී යාමට ආසන්න බවත් අප පහසුවෙන් ඉන්නේ ගිනි කන්දක් උඩ බවයි.
රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවෙනි වර කියැවීමේ විවාදයේදී.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.