දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ.
ඉන්දියානු සංචාරය නිමවා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියේය.
රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස රාත්‍රි 07.35ට පමණ අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් බෝයින් 757 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරින් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් විසින් පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමෙන් පසු ව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විමට නියමිතව තිබේ.
එම මාධ්‍ය හමුවෙන් අනතුරුව පොම්පියෝ මහතා කොච්චිකඩේ දේවස්ථානයේ නිරික්ෂණයකට එක් වීමට නියමිත බව වාර්තා වේ.
අද දහවල් ආමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරය අවසන් කර මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.




