එකම පවුලේ සහෝදරයින් අතර ඇතිවූ ගැටුමකදී මල්ලී විසින් තම අයියාට පිහියෙන් ඇන අනතුරුව ඔහු අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියකට පැන දිවි නසාගෙන ඇති පුවතක් ඊයේ(27)රාත්‍රියේ මතුගම ප්‍රදේශයෙන් වාර්තා විය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 39/4 කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම පිළිබඳව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකල පරීක්ෂණයෙදී මේ බව හෙළිවී ඇත.
නවුත්තුඩුව,අලුත්ගම්ගොඩ පදිංචි ගම්මන්පිල ඉමිටියාගේ උපුල් කුමාර නමැති 35 හැවිරිදි අයෙක් මෙලෙස අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයකට පැනීම නිසා සිදුවූ අනතුරෙන් මියගොස් ඇත.
මියගිය පුද්ගලයා විසින් නිවස තුලදීම පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාව අසල්වැසියන් විසින් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.
37 හැවිරිදි ගම්මන්පිල ඉමිටියාගේ ගයාන් පුෂ්පික නමැති අයෙකු මෙසේ තුවාල ලබා අතර ඔහුව ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ රඳවා ඇති බව වාර්තා වෙයි.
අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය පුද්ගලයා සතුව තිබු හැඳුනුම් පත අනුව පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනාගේ මව නිවසේ ඇඳක් යට මියගොස් සිටියදී සොයාගෙන ඇත.
යට්ටෝවිට විතානගේ ගුණවතී හෙවත් රමණි නමැති 58 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.




