පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පිරිස රැඳී සිටි පානදුර, පරත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවසේ හිමිකරු වන එස්. එම් ඉල්හාම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (27) සාක්ෂි ලබාදුන්නේය.
එහිදී සාක්ෂි ලබාදෙමින් ඔහු පැවසුවේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැති පුද්ගලයාට තමන් මසකට රුපියල් හතලිස් දහසක් බැගින් වූ මුදලක් ලබා ගනිමින් කුලී පදනම මත එම නිවස ලබාදුන් බවය.
කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ ඡායාරූපය පෙන්වූ විට නිවසේ හිමිකරු තමා නිවස කුලී පදනම මත ලබාදුන්නේ එම පුද්ගලයාට බව එහිදී කොමිසම හමුවේ හඳුනාගත්තේය.




