සමාජ මාධ්‍ය වල පෝස්ට් දැම්ම අයටත් වැඩ වරදී.
පසුගිය 29 වනදා සහ 30 වනදා ඇඳිරිනීතිය පැනවීමට පෙර හා පවතිද්දී බස්නාහිර පළාතෙන් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට පිටව ගිය පුද්ගලයින් 454 දෙනෙකු දැනට මෙහෙයුම් මගින් හඳුනාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, යාපනය, තංගල්ල සහ නුවරඑළිය යන ප්‍රදේශවල සංචාරක නිකේතනවල රැඳී සිටි පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවය.
ඇඳිරිනීතිය පැනවීමට පෙර පසුගිය 29 සහ 30 යන දිනවලදී බස්නාහිර ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“ලංකාවේ විවිධ ප්‍රදේශවලට බස්නාහිර පළාතෙන් නිරෝධායන නීතියට පටහැනිව ගොස් සිටි පවුල්වල සාමාජිකයින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, තංගල්ල, නුවරඑළිය, මාතර සහ යාපනය යන ප්‍රදේශවලින් මේ ආකාරයට නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කරමින් සංචාරක නිකේතනවල ලැඟුම්ගෙන සිටි 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා. ඔවුන් එම සිටින ස්ථානවලම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් නියෝග මත නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා. කෙසේවෙතත් මේ මෙහෙයුම අදත් අපි ක්‍රියාත්මක කරනවා. එම මෙහෙයුමේ දී මේ අය පිළිබඳ තවදුරටත් සොයා ගැනීමට නොහැකි වුණත් නැවත සඳුදා දිනයේ දී ඔවුන් බස්නාහිර පළාතට ඇතුළුවන අවස්ථාවේ දී දැඩි පරීක්ෂාවකට ලක්කරනවා. ඉන්පසුව නිරෝධායනයට යොමු කරනවා. පසුව ලැබෙන සාක්ෂි මත අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනවා.
මීට අමතර ව 29-30 වනදා ඇඳිරිනීතිය පවතිනවිට හා පෙර බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ විවිධ ආකාරයේ පෝස්ට් පළකර ඇති අය පිළිබඳව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශයත්, තොරතුරු තාක්ෂණ කොට්ඨාශයත් මගින් පරීක්ෂණ අරඹා ඇති බවත් ඒවැනි පළකරඇති අයත් සොයාගෙන ඒ් අයට විරුද්ධව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනතත යටතේ කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



