මෑතකදී සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝවක් මඟින් හෙළිදරව් කරන ලද ඉඩම් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් වෙබ් අඩවියේ එයට අදාල වීඩියෝව සම්බන්ධ කරගනිමින් කියා සිටියේ බලධාරීන් මේ පිළිබඳව සොයා බලන බවයි.
“මා සහ මගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරමින් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල දුටුවා. අදාළ බලධාරීන් මේ පිළිබඳව දැනටමත් සොයා බලමින් සිටින්නේ. මේවැනි සිදුවීම් සැහැල්ලුවට ගන්නේ නෑ ! මගේ පවුලේ කිසිවෙකු මෙයට සම්බන්ධ හෝ අනුබල නොදුන් බවට මට සහතික විය හැකිය. ” අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියි.
එම ට්විටර් පණිවිඩය පහතින්,
Saw a video on social media which implicates myself & members of my family. Relevant authorities are already looking in to this matter. Incidents such as this shud not be taken lightly! I can assure that no one from my family is involved or affiliated to this. pic.twitter.com/Wn2iWfBCY1
— Namal Rajapaksa (@RajapaksaNamal) October 31, 2020




