මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මේ බව තහවුරු කර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
ආසාදිත අදාළ උසස් පෙළ සිසුවා මේ වන විට අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර ඇති අතර, එම දරුවාගේ විභාග කටයුතු සිදුකිරීම සදහා අවස්ථාව ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් ද කර තිබේ.
පසුගිය 29 වැනිදා එම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ 81ක් කර ඇති අතර ඉන් 30දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තහවුරු කර තිබේ.
#Covid19 #Covid19SriLanka #CoronaVirus #CovidSriLanka #Covid #SriLankaNews