මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍ය පවතින පී.සී.ආර් පරික්ෂණ යන්ත්‍රය හෙට (02) සිට යථා තත්ත්වයට පත්කළ හැකි බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
පැය දහයක කාලයක් වෙහෙසීමෙන් යන්ත්‍රයේ ස්වයංක්‍රීය කොටසේ කාර්මික දෝෂයක් හටගෙන ඇති බව හඳුනාගෙන ඇත.
එම කාර්යාලය තවදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රධාන යන්ත්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියාකරන බවට හඳුනාගෙන ඇති බවය.
පරීක්ෂණ වට කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව අදාළ පී.සී.ආර් යන්ත්‍රය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වු බවට සහතික කළ හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ඒම පණිවුඩ පහතින්,
#PCRtest machine malfunction detected after 10h work:
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) October 31, 2020
1.Automated Molecular Extraction partly deviated
2.main machine normal
3.laboratory environment e.q. operation desk unstable might be the cause
4.a few rounds of verification to be run for 100% sure
5. to be resumed on Monday pic.twitter.com/k6fJwyGuqJ