මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සඳහා දෙසැම්බර් මස මුල සිට ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය ඉගැන්වීමේ කටයුතු සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමතුරතුංග මහතා පවසනවා.
අද (24) රජයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
අන්තර්ජාලය ඔස්සේ එම ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන බවත්, ඒ සඳහා සිසුන්ට අවශ්‍ය පරිගණක මිල දී ගැනීමට රජයේ බැංකු ඔස්සේ ණය යෝජනා ක්‍රම ද හඳුන්වා දෙන බවත් ඒ මහතා පැවසුවා.
Online ක්‍රමයවේදයට මෙවර විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි කර ගන්නා අතර මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ගණන 41,500ක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමතුරතුංග මහතා සඳහන් කළා.
ඒ සඳහා වන උපදෙස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.
මේ අතර විශ්වවිද්‍යාලවල විභාග කටයුතු අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට අදාළ පටිපාටිය මේ සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (24) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.




