ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් සිව්දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.
ඒ අනුව, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිස්ටි ජයසිංහ මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද බව අද (02) දින පෙරවරුවේ යුද සේවා ලේකම් කාර්යාලය මගින් ප්‍රකාශයට පත්කොට ඇත.