පීසා ඇණවුම රැගෙන පැමිණීමේදී එය පැහැර ගන්නා පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනිම තවත් සිදුවීමක් තලංගම පොලිසියට වාර්තා වී ඇත.
පසුව තලංගම පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබෙනවා.
මෙහිදී සැක කරුවන් සිදුකර ඇත්තේ සොයාගැනීමට අපහසු ලිපිනයක් පිසා ඇණවුමට ලබා දී මයි. අනතුරුව පීසා රැගෙන එන පුද්ගලයට අතර මගදී පහරදී ඔහු ගෙන එන පීසා ඇනවුම සහ ඔහු ගේ මුදල් සහ යතුරු පැදියේ යතුරුද රැගෙන සැකකරුවන් පලා යාමයි.
එමෙන්ම සැකකරුවන් තලවතුගොඩ අවට පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 08ක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදුකරනු ලබනවා.