සමුද්‍ර ආරක්‍ෂණ සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුව (නොවැ. 28) ඊයේ උදෑසන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.
මෙය ඉන්දියාව සහ මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක උපදේශක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් සහ මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍යවරිය ගරු. මරියා දිදී සහ අදාළ රටවල්වල මහ කොමසාරිස්වරුන් සමඟ සහභාගී විය. විදේශ අමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරු ද මේ සඳහා සහභාගී වේ.
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල්, ශ්‍රී ලංකාවේ හා විදේශ ආරක්‍ෂක අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වේ .