ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක අනතුරු ඇඟවීමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනයවී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන් පසුව තවදුරටත් වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතින බවත් කාල ගුණ විද්‍යා දෙපාර්තමේනතුව අනතුරු අඟවයි.

එය ඉදිරි දින කිහිපයේදී දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල (5N-12N, 85E-95E)ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:  කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩිවිය හැක.

මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා වන අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු හෝ රළු විය හැක.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක අනතුරු ඇඟවීමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb8X2oWstdNBTNK2UvnF2QmycGDh_eZapEk-iq7xZG9EOujbVJju9gSj6MsLnC35Ir7zTFHwhGlVInSZnWctiTjB9tezx2JVWao6dCqZHfPgl-LAvK_UFpRS5vgh6h-Z6B33BP23D9irg/s16000/Untitled-1.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb8X2oWstdNBTNK2UvnF2QmycGDh_eZapEk-iq7xZG9EOujbVJju9gSj6MsLnC35Ir7zTFHwhGlVInSZnWctiTjB9tezx2JVWao6dCqZHfPgl-LAvK_UFpRS5vgh6h-Z6B33BP23D9irg/s72-c/Untitled-1.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/weather-warning-sr-lanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/weather-warning-sr-lanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content