ලබන සඳුඳා වනවිට දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එය ඉදිරි දින දෙක තුළ පීඩන අවපාතයක් දක්වා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය විය හැකියි.
එම පීඩන අවපාතය බස්නාහිර දෙසට බරව ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ දෙසට ගමන් කළ හැකි බවයි ඔවුන් පවසන්නේ.
මේ හේතුවෙන් හෙට සිට දිවයිනේ උතුරු නැගෙනහිර සහ ගිනිකොන වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයන්හි ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම්දීමක් කර තිබෙනවා.
එමෙන්ම, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාවද තියෙනවා.