බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී. ඉදිරි පැය 24ක කාලය තුළ එය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇත.
මෙම පද්ධතියේ බලපෑමෙන්දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. (60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.
නැගෙනහිර, උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි හැකි අතර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකළපුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50-100 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.




