"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ජනාධිපති කාර්‍යසාධක බලකාය හා අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ මගපෙන්වීමෙන් සියළුම කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව "ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන" ක්‍රියාවට නංවාතිබෙනවා. ඒ යටතේ ප්‍රධාන කමිටු හතරක් ඔස්සේ සංවර්ධන කටයුතු මෙටහයවීමට නියමිතයි. එම කමිටු වන්නේ,
සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව
ජීවනෝපාය සංවර්ධන කමිටුව
දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව
එම පත්කළ කමිටු 04 ම සෑම දිස්ත්‍රික්කයකටම ගොස් ඉදිරි මාස කීපය තුළ රැස්වී ජනතාව වෙනුවෙන් ග්‍රාමීයව සංවර්ධනය විය යුතු විෂයයන් සාකච්ඡා කිරීමට නියමිතය. මේ හරහා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල අමාත්‍යවරුන් හා නිළධාරීන් ඒ ඒ පළාතේ ජනතාවගේ ප්‍රශ්ණ හා ගැටලු පිළිබද සොයා බලා ඒවා අවම කිරීම සදහා සුදුසු ක්‍රමවේදයන් සකස් කර අංශ ගණනාවක් ඔස්සේ අති විශාල සංවර්ධන වැඩ සටහන් රැසක් ඉදිරි වර්ෂ කීපය තුළ ක්‍රියාවට නැන්වීමට නියමිතයි.