පොලිසිය විසින් ගුවන් හමුදාවේ සහය ඇතිව හුදෙකලා කොට ඇති මෝදර ප්‍රදේශයේ සිදුකළ හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් බලකාය, පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිටියා.
ඊයේ දිනයේදී ද සිදුකළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් මෝදර ප්‍රදේශයේ දී පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
යම් හදිසි අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් රෝහල කරා රැගෙන යාමට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය නොවන බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළා.