ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
නමුත් එම කණ්ඩායම් දෙකම ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබති.
තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 152කි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් දෙව්ඩත් පඩික්කාල් පන්දු 41කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ඇන්රිච් නොට්ජේ ලකුණු 33කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණි.
ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු4ක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් අජන්ක්යා රහානේ පන්දු 46කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 60ක් රැස් කළේය.
ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.