මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආසාදිත කාන්තාවක් පසුගිය ඔක්තෝබර් 3 වැනිදා හමුවීමත් සමග ඇරඹුණු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අදට මාසයක් සම්පූර්ණ වනවා.
මීට පෙර නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර වැනි පොකුරු ව්‍යාප්ත වූ නමුත් මෙම පොකුරේ ආසාදිතයින් ගණන ඊට වඩා ඉතා වේගයෙන් ඉහල හිය අතර දින 30ක් තුල ඉන් වාර්තා වූ ආසාදිතයින් ගණන 7,856 ක් වනවා.
මෙම පොකුර මේ වන විට යම් පාලනයක් පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.
මෙරට දෛනික වැඩිම ආසාදිතයින් වාර්තා වූයේද මෙම පොකුරට අදාළව නිර්මාණය වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ අනුපොකුරෙන්. එය 866ක් වුණා.
කෙසේ වෙතත් තවත් අනුපොකුරු නිර්මාණය නොවුනහොත් මෙම පොකුර ඉදිරි දින 60ක් පමණ ගත වන විට නිවා දැමිය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ.