ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනයට අගමැතිගෙන් සුබ පැතුම්


ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනයට සුබ පැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. එහි වැඩිදුරටත් සදහන් වූයේ,

පලස්තීන ජනතාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනයට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත් වෙමි.

වර්ෂ 1948 දී ඊශ්‍රායල් ජාතිය නිර්මාණය කිරීමේදී, නක්බා හා පලස්තීනුවන් සිය භූමියෙන් ඉවත් කිරීම සහ ඝාතනය කිරීම සිදුවිය. එහිදී සිදු වූ නගර සහ ගම්මාන විනාශ කිරීමේ ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් වර්ෂ 1978 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීන ජනතාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කළේය.

ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනය වශයෙන් නොවැම්බර් 29 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 32/40 B දරන යෝජනා සම්මතය යටතේය.

එදින පලස්තීනයට සහාය දක්වන රටවල් සංකේතාත්මකව සිය සහයෝගීතාව ප්‍රකාශ කරනු ලබයි.

වර්ෂ 1947 දී පලස්තීන භූමියේ වෙනම අරාබි සහ යුදෙව් රාජ්‍යයන් පිහිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය 181 (11) දරණ යෝජනාවක් සම්මත කළේය. එම යෝජනාව මඟින් පලස්තීනය යුදෙව් සහ අරාබි යනුවෙන් කොටස් දෙකකට බෙදීමෙන් වසර 73 කට පසු මෙවර එය සමරනු ලබන්නේ 43 වැනි වරටය.

පලස්තීනුවන් තවමත් මිලිටරි පාලනයකට මුහුණ දී සිටියි. හමුදාව විසින් සිවිල් පාලනය, ප්‍රචණ්ඩත්වය සහ බෝම්බ හෙලීම මෙන්ම ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් ඔවුන්ගේ මානුෂීය හා ආර්ථික තත්ත්වයන් පිරිහීමට ලක් කර තිබේ. මේ හැරුණුවිට නිදහස් පලස්තීනයක් උදෙසා සිය ජීවිතයෙන් වන්දි ගෙවූ සංඛ්‍යාවද විශාලය.

2015 වන විට පලස්තීන සරණාගතයින් සංඛ්‍යාව මිලියන 5.6 ක් විය. වර්තමානය වන විට එය ඉහළ අගයකි. සමස්ත පලස්තීන ජනගහනයෙන් හරි අඩක් පමණ සරණාගතයන් ලෙස හා සිය භූමියෙන් පිටත ජීවත් වෙති.

පලස්තීනය පිළිබඳ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසය සමඟද බැඳී පවතින්නකි. එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයේ ඇතුළත් දීර්ඝකාලීන නො විසැඳුණු අර්බුද අතර එය ද එකකි.

පලස්තීනය පිළිබඳ  එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණය 2012 වර්ෂයේදී ලබා දුන් අතර, වර්ෂ 2015 දී එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පලස්තීන ධජය එසවීමට කටයුතු කළේය.

පලස්තීන ජනතාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය, පුළුල් ලෙස සලකනු ලබන්නේ ඛේදවාචකයක් අවම කිරීමට සහ පලස්තීන ජනතාවට ඛේදනීය ප්‍රතිවිපාක ගෙන දුන් යෝජනාවක් සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහයක් ලෙස ය.

පලස්තීන විමුක්ති සංවිධානය නමින් පලස්තීනය බේරා ගැනීමේ සන්ධානයක් ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේදී එහි සභාපතීත්වය මා හට පිරි නැමීමත්, පලස්තීනය වෙනුවෙන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරමින් පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව මා හට පිරිනැමීමත් අද දිනයේ කෘතවේදීව  සිහිකරමි.
ශ්‍රී ලංකාව හා පස්තීන රාජ්‍යයන් අතර සබඳතා විශේෂය. පලස්තීන රජයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහායෝගය ලබාදීමට අපි ඉදිරියේදීත්
බැඳී සිටින්නෙමු. පලස්තීනය යනුවෙන් ස්වෛරී රාජ්‍යයක් නුදුරු දිනයක ලෝක සිතියමට එක්

වේවායි ප්‍රාර්ථනා කරමි!

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනයට අගමැතිගෙන් සුබ පැතුම්
ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනයට අගමැතිගෙන් සුබ පැතුම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibgdXT8JKjFTkcKSCHpI16EVk5WvILwlvfGbbJfGtJxPnkSr6uXnY4uabZHYSlER-mf1pWUZmWE115ivomqF2Yo1wZ0LMtnlsgKwlzL6-NqT-PDBVP8Op_S1BQ4b_B8D2Mz7JaSIfrunY/s16000/N1LM_zMl_400x400.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibgdXT8JKjFTkcKSCHpI16EVk5WvILwlvfGbbJfGtJxPnkSr6uXnY4uabZHYSlER-mf1pWUZmWE115ivomqF2Yo1wZ0LMtnlsgKwlzL6-NqT-PDBVP8Op_S1BQ4b_B8D2Mz7JaSIfrunY/s72-c/N1LM_zMl_400x400.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/mahindarajapaksha.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/mahindarajapaksha.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content