මෙවර අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත් ආණ්ඩුකාරවරුන්,
පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්,දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරුන් සමඟ (27) පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
විශේෂඥ කමිටු වලින්, අමාත්‍යංශ වලින් ලබාගත් අදහස් මෙන්ම ගම සමඟ පිළීසඳරක් වැඩසටහන යටතේ ජනතාවගෙන් ලබාගත් අදහස්ද උපයෝගී කරගනිමින් පසුගිය ජනාධිපතිවරණයේදි ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කළ 2021 අයවැය යෝජනා ජනතාව අතරට ගෙනයාම ප්‍රායෝගීක කිරීම මේ තුළින් බලාපොරොත්තු වනබව පැවසීය.




