කොරෝනා සමයේ වුවත් නිසි වේලාවට පොහොර ටික ගොවිබිමට දෙන්න- ඇමති මහින්දානන්ද


ඊයේ
 පොහොර ගෙන්වීමේ කටයුතු කොළඹ වරායට ගොස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළේ ය.  රාජ්‍ය පොහොර සමාගම් 02 මඟින් ගෙන්වන ලද නැව් 02 කින් පොහොර බෑමේ කටයුතු ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

දිනකට පොහොර මෙට්‍රික් ටොන් 4,000 ක් නැව් වලින් ගොඩබෑම සිදුවුවද මේ වන විට එය මෙට්‍රික් ටොන් 1,000 දක්වා පහත වැටී ඇත්තේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන්ග පොහොර 
බෑමේ කටයුතු සඳහා පළපුරුදු කම්කරුවන් අත්‍යවශ්‍ය වන අතර, දැනට සේවයේ නිරත වන්නේ 25% ක පමණ කම්කරුවන් පිරිසකි. පොහොර බෑමේ කටයුතු වලදී සේවකයන් මෙන්ම 
නිලධාරීන් මුහුණදෙන ගැටළු වලට අමාත්‍යවරයා දිය හැකි විසඳුම් ඒ මෙහොතේම ලබාදීමට කටයුතු කළේ ය. දිවයින පුරා පොහොර හිඟයක් නිර්මාණය නොවීමට මෙම සේවකයන්ගේ 
කැපකිරීම ඉතා වැදගත් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහාතා මෙහිදී කියා සිටියේ ය.

එසේම පොහොර බෙදාහැරීමට යොදවනු ලබන ලොරි රථවල රියදුරන් සියළුදෙනා පී සී ආර් පරීක්ෂණ වලට ලක්කෙරේ. එම වාර්ථා පැමිණීමේ ප්‍රමාදයන් හේතුවෙන් ද රියදුරු හිඟයක් 
නිර්මාණය වී ඇති බව වරාය තුළ කළ නිරීක්ෂණයේ දී හෙළිවිය. වරාය තුළ එම සේවකයන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුවන ආකාරය ද මෙහිදී අමාත්‍යවරයා නිරීක්ෂණය කළේ ය.

මෙහිදී කම්කරුවන් කියා සිටියේ, අවධානම ද නොසලකා තමන්ගේ ගැටළු පෞද්ගලිකවම සොයා බැලීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැමිණීම සිය සේවයට හා කැපකීරීමට 
මහත් ධෛර්යයක් වූ බවය. ඊට අමතරව පොහොර සමාගම්වල බෙදා හැරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහාය ද අවශ්‍ය පරිදි ලබාගැනීමට 
අමාත්‍යවරයා මෙහිදී සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ ය. දිවයින පුරා පොහොර බෙදාහැරීමේ කටයුතු සිදුකරන්නේ කොවිඩ් හමුවේ මුහුණ දී ඇති අභියෝග රැසක් මැදය. කෙසේ වෙතත් 
වරායේ ප්‍රමාදය ගොවියාට යාමට ඉඩ නොදී හැකි උපරිමයෙන් කාර්යක්ෂමව කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ ය.

ඊට රජය දියයුතු, දියහැකි සියළු පහසුකම් ලබාදීමට සූදානම් බවත් වරායේ පොහොර බෑමේ සහ පැටවීමේ නිරත සියළු සේවකයන්ට අමාත්‍යවරයා පෙරොන්දු විය. එම සේවකයන්ට අවශ්‍ය 
නවාතැන් පහසුකම්, ආහාර හා සෞඛ්‍යාරක්ෂිත කටයුතු පෞද්ගලිකවම සොයා බලන ලෙසද අමාත්‍යවරයා ලක්පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතාට උපදෙස් ලබාදුන්නේ ය.

වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක, ලක්පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ ඇතුළු නිලධාරීන් පිරිසකුත් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේ ය.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොරෝනා සමයේ වුවත් නිසි වේලාවට පොහොර ටික ගොවිබිමට දෙන්න- ඇමති මහින්දානන්ද
කොරෝනා සමයේ වුවත් නිසි වේලාවට පොහොර ටික ගොවිබිමට දෙන්න- ඇමති මහින්දානන්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgPP5zBDjbNCdyPeRng30g0sxBvp-eB-bSXV8X2dJHNYkqSR611f2Bp5kzi-t9A7wZ8KYqG8JaWNlx3QOmvuU1fczZPKujwhRJtPnIV2bnqgXo2bSJaSQQ2mbva01482mPNMRxBAZ3v7I/s16000/a.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgPP5zBDjbNCdyPeRng30g0sxBvp-eB-bSXV8X2dJHNYkqSR611f2Bp5kzi-t9A7wZ8KYqG8JaWNlx3QOmvuU1fczZPKujwhRJtPnIV2bnqgXo2bSJaSQQ2mbva01482mPNMRxBAZ3v7I/s72-c/a.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/mahindanandaaluthgamage_29.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/mahindanandaaluthgamage_29.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content