කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය වෙරළ බඩ සහ පිටකොටුව යන පොලිස් වසම් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගමට හෙට උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
එමෙන්ම හෙට උදෑසන පහේ සිට වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරි වසම් හා මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාර දකුණු ප්‍රදේශය හුදෙකලා කරන බව සදහන් කළා.
හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශ,
- මෝදර පොලිස් වසම
- බ්ලුමැන්ඩල් පොලිස් වසම
- කොටහේන පොලිස් වසම
- ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
- ආදුරුප්පු වීදිය පොලිස් වසම
- වේල්ලවීදිය පොලිස් වසම
- කෙසෙල්වත්ත පොලිස් වසම
- මාළිගාවත්ත පොලිස් වසම
- දෙමඩගොඩ පොලිස් වසම
- මරදාන පොලිස් වසම
- කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
- බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම
ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව තවදුරටත් පවතින ප්‍රදේශ,
- පෑලියගොඩ
- කැලණිය
- වත්තල
වැඩිතුරතුරැ ඇතුළත් මාධ්‍ය නිවේදනය පහලින්,






