මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු අනුව නව නිර්දේශ සිසුන්ට අසාධාරණයක් වී ඇති බව මව්පිය පිරිසක් පවසයි. අසාධාරණයට ලක්වූ සිසුන්ගේ මව්පිය සංගමය නමින් ඔවුන් පෙනී සිටියි.
මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු අනුව නව නිර්දේශ සිසුන්ට අසාධාරණයක් වී ඇති බව පවසන එම සංසදය ඉසඩ් ලකුණු නිකුත් කළ ක්‍රමවේදයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරයි.
ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවැරැදිව කඩඉම් ලකුණු නිකුත් කර ඇත්නම් විෂය නිර්දේශ දෙකෙන් ඒ ඒ පාඨාමාලාවන් සඳහා ඇතුළත් කර ගැනෙන සිසුන්ගේ ප්‍රතිශතයන් එළිදක්වන ලෙස එම සංසදය අභියෝග කර සිටින අතර නවක සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ නොකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මෙන්ම අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
එම සංසදය රැස් කරගෙන ඇති තොරතුරු අනුව වෛද්‍ය පීඨ සඳහා අවස්ථාව ලැබී ඇති නව නිර්දේශ සිසුන් මෙන් දෙගුණයක පමණ පිරිසක් පැරණි නිර්දේශයෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට ලැබී ඇතැයි ද ‘ඒ’ සාමාර්ථයන් තුනක් ලබා ඇති දරුවන්ට පවා මෙවර වෛද්‍ය පීඨවලට අතුළත් වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි ද එම සංසදයේ කැඳවුම්කරු අරුණ පුවත්පතකට ඊයේ (03 වැනිදා) පවසා ඇත. තම සංසදය ලබාගත් තොරතුරු අනුව නව නිර්දේශයෙන් වෛද්‍ය පීඨ සඳහා අවස්ථාව ලැබි ඇත්තේ 645 දෙනකුට පමණක් යැයි ද පැරණි නිර්දේශයෙන් අවස්ථාව ලැබී ඇති සංඛ්‍යාව 1300 ඉක්මවන බවද ඔහු පැවසීය.